2019 මැයි 18 වන සෙනසුරාදා

රිපෝටර්

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 643

පසුගිය දවසක... අලි පාටියෙ මන්තිරි ගොල්ලගෙ රැස්වීමෙදි සිද්ධවෙච්ච විවාදයක් තමන්ගෙ දුරකතනයෙන් පටිගත කරල මුහුණුපොතේ දැම්මෙ කවුද කියන එක පසුගිය දවස්වල ඉහළ තැන්වලින් හොයල බැලුව.

ඒක අහවලා තමයි කළේ අහවලා තමයි කළේ කියල නොයෙක් දෙනා අනාවැකි පළ කළත් සැබෑවටම ඒක සිද්ධ කළ කෙනා හොයාගන්න ඉහළ තැන්වලට ටික දවසක් ගියාලු.

කොහොමින් කොහොම හරි කරපු පරීක්ෂණේ ප්‍රතිඵලයක් ලෙස මේ වැඩේ කළ රිපෝටර් දැන් හඳුනාගෙන. එයා පාටියෙ රජරට කිට්ටුව ඈත පළාතක් නියෝජනේ කරන තරැණ මන්ත්‍රී සයිස් කෙනෙක්ලු.

මෙයට කලිනුත් උන්නැහේ රටේ ඉහළම තනතුරක් දරන කෙනෙක් එක්ක ගමනක් යද්දි එයා ගැන මේ විදියෙම තොරතුරු වගයක් මුහුණුපොතට දැම්මලු...

ඒකෙන් මේකෙන් දැන් මේ වගේ වැඩ කරන රිපෝටර් මන්ත්‍රීතුමා කවුද කියල හෙළිදරව් වෙලා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට මීට පස්සෙ පාටියෙ මැම්බර්ලගෙ රැස්වීමට මොබයිල් ෆෝන් ගෙන ඒමත් තහනම් කරන්නලු යන්නෙ...

එහෙම කළොත් රිපෝටර්ල අනාථ වෙන බවයි ඉහළ මතය.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00