2019 මැයි 11 වන සෙනසුරාදා

තහනමක්!

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 659

අලි පාටියේ නළුතුමා පාස්කු ප්‍රහාරය වෙලා දවස් කිහිපයකට පස්සේ එයාගෙම මුහුණු පොතෙන් සජීවීව ඇවිල්ලා මුස්ලිම් ප්‍රජාවට අමුතුම කතාවක් කළා. එයා ඇහුවා අපි උඹලගෙන් කෑවා, බිව්වා, ඇන්දා, ඇයි උඹලා අපිට මෙහෙම කළේ. මේකට ලක්ෂයක්වත් මුස්ලිම් අය සම්බන්ධයි කියලා මෙයා නළු පාට් එකෙන් කිව්වා. මේක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ වටේම ගියාම මුස්ලිම් සමාජයෙන් මේ ගැන එයාට ලොකු විරෝධයක් ආවලු. මේ කතාව ගැන මුස්ලිම් මැති ඇමතිලා විතරක් නෙමෙයි ආගමික නායකයොත් කතා කරලා එයාලගේ පක්ෂයේ ලොකු ලොක්කන්ට කිව්වලු. මේක අහපු පක්ෂයෙ ලොකු තැනට පුදුම කේන්තියක්ලු ගියේ.

ඊටපස්සෙ ලොකු තැන නළු උන්නැහේට එන්න කියලා දෙහි කැපුවලු. ආයි මේ ගැන කිසි දෙයක් කතා කරන්න එපා කියලා තහනමක් දැම්මා. ඒ වගේම රට අවුලන්නත් එපා කිව්වලු. බ්‍රේක් නැති කටක් නිසා මෙයා අනන්තවත් මේ වගේ අමාරැවේ වැටිලලු ඉන්නේ.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00