2019 මැයි 11 වන සෙනසුරාදා

බේරුණු බේරිල්ල

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 597

මහා අපරාධයක් කරපු සහ්රාන්ගේ නෝනව බලන්න කිහිප වතාවක් රෝහලට ගිය අලි පාටියේ මන්තිරි තැනට එයා එක්ක මෙච්චර කල් හිටිය අයගෙන්ම බාල්දියක් පෙරළෙන්නලු යන්නේ.

මෙයා ඇයි ගියේ? ඇයි වෙන අය යැව්වේ? ඇයි හම්බවෙන්න ගියේ කියලා හැමෝටම දැවෙන ප්‍රශ්නලු. ඒත් මෙයා අනං මනං කීවට හරි වචනයක් කියන්නේ නෑලු. ඉතින් පසුපෙළ අලි පාටියෙ හාදයෝ කිහිපදෙනෙක් මෙයා ගැන එයාලගේ සගයො එක්ක කතා කළාලු. ගොඩක් අය කිව්වේ ලොකු තැනට කියලා පරීක්ෂණයක් කරවන්න කියලයි. ඒත් ඒ එක්කම ආවලු විල්පත්තුවට වින කටින කෙනාගෙ මාතෘකාව. එයාට මොකද කරන්නේ කියලා හුඟ දෙනෙක් ප්‍රශ්න කරලා. ඊට පස්සේ ඒ අය මෙහෙම කිව්වලු. එයාට මුකුත් නොකරපු එකේ මෙයාට මුකුත් කෙරෙන්නෙත් නැතිවේවි. ඒ නිසා ඔන්න ඔහේ අත්හැරලා දාමු වැඩේ කියලා. කොහොම හරි දැන් ඒ මන්තිරි තැනත් විල්පත්තු හාදය නිසා බේරිලලු ඉන්නේ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00