2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

මොනවද කතා කළේ?

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 814

හිටපු ලොකු තැන පහුගියදාක සිංහපුර රටට ගියේ බෙහෙත් ගන්න කියලයි කියැවුණේ... උන්නැහේ ඒ රටේ දවස් තුන හතරක්ම හිටියා.

උන්නැහේ ආපසු ලංකාවට එන්න කලින් ආණ්ඩුවෙ දෙවැනි මහත්තයත් ඒ පැත්තෙ ආවෙ වෙන ගමනක් ගිහිල්ලා එමින් ගමන්ලු.
මේ ලොක්කො දෙන්න සිංහපුරේදි හම්බවුණා කියලා කතාවක් ගියා... ඒ වුණාට කවුරුත් ඒ කතාව තහවුරු කරපු බවක් ආරංචි නැහැ...

රටේ දෙවැනි මහත්තයා කොහොම වුණත් එක්තරා භෝජන සංග්‍රහයකදි ආණ්ඩුවෙ අගසව් තනතුරක ඉන්න දකුණෙන් බිහිවුණ ප්‍රබල ඇමැති කෙනෙක් හිටපු ලොකු තැන හම්බවෙලා දීර්ඝ සාකච්ඡාවක් කළා කියලා තතු දත් අය කියනව. සිංහපුරේ ක්‍රිකට් සමාජෙ ක්ලබ් එකේදි මේ හමුව සිද්ධවුණ බවයි ආරංචි.

දෙන්නගෙ කතාබහේදි හුඟක් වැදගත් තීරණාත්මක දේවල් කතා වුණා කියලයි ආරංචි... හැබැයි දෙගොල්ලම ඒ ගැන දැඩි නිශ්ශබ්දතාවක් පවත්වන නිසා තොරතුරු එළියට ඇවිත් නැහැ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00