2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

උන්නැහේ හැමදාම රට

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 286

ආණ්ඩුවේ උසස් නිලතල කාරක සභාව රාජ්‍ය ආයතනවල ලොකු ලොකු පට්ටම් දරන අයගෙ සුදුසුකම් පරීක්ෂා කිරීමයි කරන්නෙ.

මේ තනතුරු දරන්නන්ගෙ නම් ප්‍රකාශයට පත්කළාම ඒ අයගෙ පත්වීම්වලට පක්ෂ විපක්ෂ මත උසස් නිලතල කාරක සභාවට ඉදිරිපත් වෙනව. ඊට පස්සෙ ඒක විභාග කෙරෙන දවසට අදාළ ලොකු ලොක්කො දියවන්නා කවුන්සිලේට කැඳවන්නෙ කවුන්සිලේ කතාවට නායකතුමා. ඉතින් මේ සභාවට එක්තරා අධිකාරියක සභාපති කෙනකුට එන්න කිව්වෙ උන්නැහේට එතන සභාපතිකම කරන්න මූලික සුදුසුකම්වත් නැත කියලා පක්ෂ ගණනාවකින් ඉදිරිපත් වූ පැමිණිලි විභාග කරන්න.

හැබැයි උන්නැහේ මේ සභාවට කැඳවූ වාර දෙක තුනේම සභාපතිතුමා ඒකට නෑවිත් මඟ ඇරියලු... තමන් හදිසි රාජකාරිවලට රට ගිය බව කියමිනුයි එයා මේ කොමිටිය මඟ ඇරලා තිබෙන්නෙ... තමන්ගෙ පවුලෙ කෙනෙක් මේ ආයතනෙ භාර අමාත්‍යංශෙ ඇමැති හැටියට ඉන්න නිසා සභාපතිතුමා මේ විදියට වැඩ කරනවය කියලයි තතු දත් සමහරැ කියන්නෙ.

මහ මුහුදට සම්බන්ධකම් තියන මේ ආයතනෙ ලොකු පුටුවල ඉන්න අය වගේම විපක්ෂයෙ මන්තිරිවරුත් බලන් හිටියෙ මේ සභාපතිතුමා උසස් නිලතල සභාවට එනකම්ලු. කොහොමහරි එයා පසුගියදාක අමාරැවෙන් මේකට ඇවිත්. එදා විභාගෙ ප්‍රතිඵල අද හෙටම දැනගන්න පුළුවන්ලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00