2019 මාර්තු 09 වන සෙනසුරාදා

වර්ජනේ

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, පෙ.ව. 12:30 429

මේ රටේ රතු දේශපාලනේ දැනට අප අතරේ ඉන්න ජ්‍යෙෂ්ඨම මැතිසබා නියෝජිතයට ඊයේ පෙරේදට අසූවක් සම්පූර්ණ වුණා.

නවසිය හැත්තෑවේ ඉඳලා වරින් වර කවුන්සිලේට පත්වී අපූරු විප්ලවීය වැඩකළ උන්නැහේ දැන් ඉන්නේ හිටපු ලොකු තැන එක්ක සන්ධාන ගතවෙලා. එහෙම හිටියට කියන්න තියන දේ කෙළින් කියන උන්නැහේ පසුගිය කාලේ පොහොට්ටුවේ සමහර ලොකු ලොක්කො තදින් විවේචනේ කළා. ඒ ගැන සමහරුන්ගෙ හිත් රිදිලලු තිබුණේ.

ඉතින් කොහොමහරි උන්නැහේට අසූව පිරීම නිමිත්තෙන් ඊයෙ පෙරේදා ඈත මිනිපුරේ පැත්තෙ ලොකු උත්සවයක් සංවිධානෙ කරලා තිබුණා. ඒකාබද්දෙ ඉන්න සියලුම පක්ෂ ලොක්කන්ටත් ඒකට ආරාධනා කරලයි තිබුණේ.

ඒ වුණාට උත්සවේ පටන් ගන්නකොට එතෙන්ට ගිය උදවිවයට දැකගන්න ලැබුණේ ඒකාබද්දේ පක්ෂ ලොකු ලොක්කො සේරම හිටියත් පොහොට්ටුවේ ලොකු ලොක්කො කවුරුත් පැමිණ නැති බවයි. එච්චර විතරක් නෙවේ පළාතේ පොහොට්ටුවෙ සාමාජික භවතුනුත් ඒකට නෑවිත් වර්ජනයක් කළාලු. ඒත් උත්සවේ නම් කිව්ව විදිහටම ජයට තිබ්බා කියලයි ආරංචි...

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00