2019 මාර්තු 09 වන සෙනසුරාදා

පට්ටම් ගැන අසතුටින්

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 473

අලි පාටියේ සමහර ජ්‍යෙෂ්ඨයන්ට ලැබුණු කැබිනට් පට්ටම් ගැන නොසතුටින් කතා කරනවා කියලා ආරංචියි. ඒ වගේම තනතුරු බලාගෙන ඉන්න පහළ මට්ටමේ ජ්‍යෙෂ්ඨයන් ගණනාවකටත් මුකුත් නොවීම ගැන අසතුට ප්‍රකාශ කරනවලු.

එයින් කැබිනට් පට්ටමකුත් තියන ඈත පළාතකින් ආපු ජ්‍යෙෂ්ඨම කෙනෙක් දෙන්නෙක් තමන්ට වඩා කනිෂ්ඨ රජරට පළාතේ කෙනකුට පට්ටම් පහ හයක් ලබාදීම ගැන දෝස්මුර දාන්නත් පටන් අරන් කියලා තතු දත් අය කියනවා.

මෙයින් සමහරු පාටියේ වැදගත් කටයුතුවලට ආරාධනා ලැබුණම ඒවාට එන්නෙත් නැත කියලා කියනවා.

ඒ වගේම නොයෙක් නොයෙක් ආකාරයෙන් තමන්ගෙ විරෝධය විවිධ පණිවුඩ මගින් ඉහළට යවන වගත් ආරංචියි..

ළඟදි මේ ගැන පාටියේ ලොකු නිලමෙලා හමුවෙලා තදින් කතා කරන්න ඕනය කියලා කිහිපදෙනෙක් කතා වෙලත් තියෙනවා.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00