2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

පූජා පෝලිමක්!

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 549

ඡන්ද උණුසුම නැගලා එනකොට තමයි සමහරුන්ට දෙයියො මතක් වෙන්නෙ... ඉතින් පසුගියදාක හිටපු ලොකු තැන අල්ලපු රටේ තිරුපති දේවාලේ මහ පූජාවක් කරලා ආශිර්වාද ලබාගත්තා.

ඔන්න ඒ පාර මේ රටේ ඊළඟ ඡන්දෙ බලාගෙන ඉන්න මහ පවුල් ගණනාවක කස්ටිය දැන් ඉන්දියාවෙ තිරුපති ඇතුළු දේවාල වඳින්න වෙලාවල් වෙන් කරගන්න සටනක් පටන් අරන් කියලයි ආරංචි... ඒ අනුව එක්තරා ඉහළම පවුලක අයට තිරැපතියෙදි ශාන්තිකර්මයක් කරන්න දැනටමත් සියල්ල සූදානම්... තවත් ප්‍රබල දේශපාලන පවුලක කාන්තා පිරිසක් තමන්ගෙ දරු පරපුර එක්ක එහේ යන්නලු හදන්නෙ.

ඊළඟට ප්‍රබලම ආණ්ඩුවෙ චරිතයක් ඉන්දියාවෙම ගුරුවායුර් කෝවිලේ පූජාවකට සැරසෙනවලු... ඒ අස්සෙ දැනටමත් අල්ලපු රටට ගිහින් ඉන්න වතුකර මෑන් කෙනෙක් කැබිනට් පට්ටමක් උදෙසා පුදපූජා පෝලිමක් කරගෙන යන බවත් ආරංචියි...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00