2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

ආණ්ඩුකාර පට්ටම්!

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 506

පසුගිය දවස්වල පළාත් ගණනාවකට අලුත් ආණ්ඩුකාරවරු පත් වුණා... ඒ පත්වීම් දෙන්න කලින් යෝජනා වෙලා තිබුණෙ පසුගිය ඡන්දෙන් පරාජය ලැබූ සමහර දේශපාලන භවතුන්ටලු... ඒ බව කල් තබාම බලවත් තැනකින් ප්‍රකාශ වෙලත් තිබුණා...

ඉතින් අලුත් පත්වීම් එන ආරංචිය ඇහුවම මෙහෙම ගිය ඡන්දෙත් ලොස් වුණු දේශපාලුතුමන්ල 4 දෙනෙක් කලින් කියල තිබ්බ විදියට ආණ්ඩුකාර පුටුවලට ගන්න සැරසෙන් කියලයි හිටියෙ.

අපට දැනගන්න තියෙන විදියට වැලිගම හේමාල්, මාවනැල්ලෙ ලලිත්, කෑගල්ලෙ අතා, මොණරාගල පුෂ්පෙ, ඔය හතරදෙනා කියලයි කියන්නෙ.

මෙයින් සමහරු අලුත් පට්ටම් ලැබුණම දිව්රන්න යන දවසට අඳින්න ඇඳුම් සූට් පවා කොළඹ ප්‍රසිද්ධ ටේලර් සාප්පුවකින් මහගත්තලු. අනේ ඒත් අන්තිමට ඒ කියාපු කාටවත් ආණ්ඩුකාර පට්ටම් ලැබුණෙ නැහැ...

සමහරු ඒකට දුක් වුණා. තවත් සමහරු කේන්ති ගත්තා. එහෙම හුඟක් කේන්ති ගිහින් මළ පැනපු එක්කෙනෙක් අන්තිමේදි පක්ෂයත් එපා කියල ගිහිල්ල එකපාරටම අලිය පිට නැග්ග... දැන් එයා අලි පාටියෙ තමන්ගෙ සීට් එකේ සංවිධායක. ඔන්න ඔහොමයි ආණ්ඩුකාර කතාව කෙළවර වුණේ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00