2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

රෙදි ගලවනවලු

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 509

රටේ නැති චෝදනා අහලා ඇමැතිකමත් ගලවගෙන ගෙදර හිටිය එක්කෙනා ආයි ලොකු පවර් එකක් තියෙන ඇමැතිකමක් අරගෙන. හැබැයි මේ පවර් එක ලැබුණේ රටේ මහ තැන හින්දා තමයි කියලා මෙයා තැන තැන කියනවලු.

කොහොමහරි මෙයාට දැන් ආයිත් පක්ෂය ඇතුළෙන්ම බාල්දියක් පෙරළීගෙන එනවලු මේ ළඟදී ඉඳලා. ඒ මෙයා පෞද්ගලික තැන්වලින් වැඩි සල්ලි දීලා පවර් ගන්න හදනවා කියලා. ඒ විතරක් නෙමෙයි රජයෙන් පවර් දෙන තැන් චීනෙට දෙන්න යනවා කියලත්. මේ කතාව හැමතැනම යවලා තියෙන්නේ එයාලගෙම පක්ෂයේ කට්ටියක්ලු. ඒ අය පක්ෂයේ ලොක්කොලු. දැන් ඒ අය හදන්නේ ආයි මෙයාගේ තටු කපලා ගෙදර යවන්න කියලා මෙයාටත් දැන් ආරංචි වෙලාලු.

ඒ හින්ද මෙයා පහුගිය දවසක කට්ටියක් හම්බවෙලා මෙයාට මේ මඩ ගහන එක ගැන බොහෝම තරහින් කතා කරලා. පස්සේ එයා කිව්වලු මම කොයි වේලේ හරි මේ හැමදේම දාලා අදටත් එළිනොවෙච්ච කතා ගොඩක් හෙළිදරව් කරනවා කියල. එහෙම කරලා ඔය උඩ පනින අයගේ රෙදි ගලවනවා කිව්වලු. කොහොම වුණත් එයා ඉන්නේ නම් සෑහෙන හිත් අමනාපෙන්ලු පක්ෂය එක්ක.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00