2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

හුළං ඇරීම

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 472

ඩුබායි පොලීසියෙන් ලංකාවෙ පාතාල කස්ටිය කුඩුත් එක්ක අල්ලගත්තට පස්සෙ ඒකට උප්පැන්න දෙන්න කාකිසූට් කස්ටිය, කපටි සූට් කස්ටිය අතරෙ තියෙන්නෙ මාර තරගයක්.

ඒ වුණත් වෙනද මේ වගේ වැඩක් වෙනකොට මාධ්‍ය හමු තියලා සංදර්ශන දාන කාකිසූට් මහ ලොක්කෙක් මේ පාර ඉන්නෙ කසාය බීපු ගොලුවා වගේලු. ඒකට හේතුව එයාගෙ කට ඇරීම ඉහළින් තහනම් කරලා තිබීමලු.

එච්චර විතරක් නොවෙයි. මේ කුඩු සංහාරය ගැන කෙරෙන දේවල් සම්බන්ධයෙන් එයාට කිසිම දෙයක් කියන්න එපා කියලලු උඩින් නියෝග පැනවිලා තියෙන්නෙ...

මේ සේරටම හේතුව මෙයා එක්ක ඉහළම කන්තෝරුවෙ කියන මාර කොක්කක්ලු... ඒකෙ තවත් ප්‍රතිඵලයක් ලබන සතිය දිහාට බලාගන්න පුළුවන් කියල තතු දත් අය කියනවා...

අපිට තියෙන දූෂමාණ ආරංචිවල හැටියට මෙයාගෙ කන්තෝරුවට දැනට අයිති ලොකු කෑල්ලක් ගලවල වෙනත් කන්තෝරුවකට මාට්ටු කිරීමයි ඒ සැලසුම. එහෙම වුණොත් තියෙන හුළං ටිකත් බහීවි කියල දන්න කියන අය කුටු කුටු ගානව ඇහුණා. 

 

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00