2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ඉන්න තැන මතක නැතිලු

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 518

ඒකාබද්දෙ දේශපාලන කටයුතු වෙනුවෙන් සද්ද බද්ද කරගෙන වැඩ කරන පක්ෂ නායක මට්ටමේ තරුණ චරිත දෙකකට පොහොට්ටුවෙ සමහරු කැමැති නැතිලු...

ඒ හින්ද මේ තරුණ චරිත දෙක ගැන නොයෙක් තැන්වල ඉඳගෙන නොයෙක් දේ කියන බව ඒකාබද්දෙ කස්ටිය කතා වෙනව ඇහුණ. මේ චරිත දෙකම යම් යම් හේතු මත පසුගිය කාලෙ වැලිකඩ පවා නැවතිලා උන්න අය... එක්කෙනෙක් උදේ ඉඳන් රෑ වෙනතුරැම දේශපාලනේ කරනව... අනෙකා වේදිකාවෙ ජයට කතා කරන වංශවත් චරිතයක්... ඉතින් මේ දෙන්න එක්ක ඔරොප්පුවෙන් ඉන්න පොහොට්ටු කස්ටියගෙ පෙරේ-රා කෙනෙක් පසුගියදාක හිටපු ලොකු තැන හම්බවුණාලු... උන්නැහේ හම්බුවෙලා එයා අපූරැ යෝජනාවක් කළා... ඒ යෝජනාව කළේ අර මුලින් කී චරිත දෙක ගැනයි.

සර් අපිට මේ ගමන අර වගේ හාදයො එක්ක යන්න බැහැ... ඒ නිසා අපි ඔය හාදයො දෙන්න දැන්මම පැත්තකින් තියල.. අපේ ගමන යමු... එයා හිටපු ලොකු තැනට කීව... පොහොට්ටු යාළුවගෙ මේ කතාවට හිටපු ලොකු තැනට නොසෑහෙන්න කේන්ති ගියා. කේන්ති පිටම එයා ඔය යෝජනාව කළ උන්නැහේට මෙහෙම උත්තර දුන්නා.

හොඳයි මම තමුන් කියන දෙන්නව යවන්නම්. හැබැයි මට තමුන් එක උදව්වක් කරන්න ඕන... ඒ දෙන්න වගේ වේදිකාවල අපි වෙනුවෙන් කතා කරන්න, ටී.වී. වාද විවාදවලදි සද්ද කරන්න පුළුවන් දෙන්නෙක් සොයාගෙන එනව. ඊට පස්සෙ මම තමුන් කිව්ව දේ කරන්නම්. හිටපු ලොකු තැන කේන්ති පිටම කිව්ව... ඊළඟට ළඟ හිටපු තවත් දියවන්නා කවුන්සිල් යාළුවකුට කතා කරල කතාවට තවත් කෑල්ලක් එකතු කළා.

මිනිස්සු දිනාගන්න ඕන කාලෙ මෙයාල හදන්නෙ ඉන්න එවුනුත් එලවගන්න.. මේ කාටවත් මතක නැහැ අපි ඉන්නෙ විපක්ෂයෙයි කියල... ඔන්න ඕකයි වැරැද්ද... හිටපු ලොකු තැන කතාව හමාර කරමින් කිව්වා...