2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

මීපුරේ ආරෝව

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 12:30 465

මෙච්චර කල් මීපුරේ අලි පාටියේ සංවිධායකයි, පොහොට්ටුවේ සංවිධායක වෙච්ච කෙනයි අතර තිබ්බ ආරෝව කනපිට හැරිලා. අලි පාටියේ සංවිධායක මහත්තය හැමතැනම කිව්වලු පොහොට්ටුවේ නිර්මල හාදයව මීගමුවෙන් එළවනවා කියලා. එයා තමයි මීගමුවේ ඉන්නේ කියලා. දැන් අපේ ආණ්ඩුවක් තියෙන්නේ කියලත් කිව්වලු.

කොහොම වෙතත් ඒක කියලා සතියක් ගියේ නෑ මෙයාව මීගමුවේ අලි පාටියේ සංවිධායකකමෙන් අයින් කරලා. එයා දන්නෙත් නෑ. ඒ වෙනුවට අර ජා-ඇළ හිටිය දොස්තර පුතාව දාලලු. මේ දොස්තර පුතා අර මීගමුවේ නිර්මල හාදයගේ හොඳ මිත්‍රයලු. එයා මීගමුවට එනවා කියලත් කියලා. දැන් මේකේ හිටිය එක්කෙනාට කරපු ලජ්ජාවක් නිසා එයාට යකා වැහිලලු. දැන් නිර්මල හාදයට වඩා වෛරක්කාරය වෙලා ඉන්නේ දොස්තර පුතාලු. දොස්තර පුතාව පිළිගන්න එපා කියලා මීපුර මිනිස්සුන්ටත් මෙයා පණිවුඩ යවල කියලයි ආරංචිය.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00