2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

පරණ හෝටලේට හිත ගිහින්

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 481

වතුකරේ සෑහෙන ඡන්ද හයියක් තියෙන ක්‍රිෂ්ණව ආණ්ඩුවෙ “...නට්” මණ්ඩලේ ඇතුළට දානව කියල පොරොන්දු වෙලාහිටියත් උන්නැහේට වෙච්ච පොරොන්දුව ඉටු වුණේ නැහැ...

උන්නැහේලා එක්ක සන්ධාන ගහපු මනෝ - දිසා - දෙන්නම “...නට්” මණ්ඩලේට දැම්මත් මෙයා නොසලකා හැරීම ගැන උන්නැහේ හිටියෙ කේන්තියෙන් 

අන්තිමේ උන්නැහේ තරහින් ලොකු ජරමරයකට ලෑස්ති වෙනකොට ඔන්න එයා සනසන්න කියල කැබිනට් නොවන පට්ටමක් දුන්නා කියමුකෝ... ඒකට නොයෙක් නොයෙක් විශේෂ ව්‍යාපෘති ඇතුළත් කරනව කියලත් වැඩේ භාර දෙනකොට පොරොන්දු වුණාලු...

ඒත් පට්ටම භාර අරන් සුමාන දෙකතුනක් ගියත් ව්‍යාපෘති තියා ඒකට කන්තෝරැවක්වත් නැතිලු. හරිහමන් වාහනයක්වත් මෙයාට නැහැ කියලයි උන්නැහේගෙ පැත්තෙන් ආරංචි වෙන්නෙ. 

පට්ටම නමට දීල වැඩක් නැතුව නිකම් පැට්ට්‍රෝල් පුච්චන්න වෙලා කියල එයා දැන් ආයෙමත් ගෝරියක් පටන් ගන්නයි යන්නෙ... ආණ්ඩුව ඇතුළෙ කිසිම ඡන්ද පදනමක් නැති හිත මිතුරන්ට ලොකු ලොකු පට්ටම් පුදල ඡන්ද හොයල දුන්න අයට සලකන්නෙ මෙහෙම නම් පරණ හෝටලේට කෑමට යන එක මීට වඩා හොඳයි කියල උන්නැහේ කියන්න පටන් අරන්ලු...

 

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00