2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

නොකෙරෙන වෙදකම

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 451

ආයෙමත් ජාතික ආණ්ඩු කතාව නැගලම යනව.... ආණ්ඩුවෙ පට්ටම් මණ්ඩලේ ලොකු කරගන්න ඕන නිසයි එයාල ජාතික ආණ්ඩු කතාව පස්සෙම දුවන්නෙ...

පසුගිය දවස්වල නැගෙනහිර පළාතෙ කොංග්‍රස් මන්තිරි උන්නැහේ කෙනෙක් අල්ලගෙන ජාතික ආණ්ඩුවක් අටවන්න හැදුවත් ඒකට ඇතුළෙන්ම ආපු ගෝරි නිසා වැඩේ හබක් වුණා.

ඊට පස්සේ උතුරෙ ඩගී අල්ලගෙන ජාතික ආණ්ඩුවක් ඇටවීම සඳහා සූදානම් වෙලා ඩගීට සාකච්ඡාවකට එන්න කිව්ව... හිටපු ලොකු තැන එක්ක දිගටම ඉන්න ඩගී මේ ගමනට අකමැති වුණත් කතාකළ මිත්‍රයගෙ වචනෙට සලකල සාකච්ඡාවට ගියා... ඒත් යන්න යළින් හිටපු ලොකු තැන මේ ගැන දැනුවත් කරල උන්නැහේගෙන් උපදෙස් අරගෙනලු ඩගී ජාතික ආණ්ඩු කතාවට ගියේ....

ඒ සඳහා සැකසූ සාකච්ඡා මේසෙ අලිපාටියෙ ලොකු ලොක්කො හිටිය. කොහොම හරි සුහදව කතාබහ කරල අන්තිමේදී ආණ්ඩුවට එන්න ඩගීට ඕන දේ ගැන විමසුව. ඒ ප්‍රශ්නයට ඩගී හෙමින් සීරැවෙ දුන්නේ මේ වගේ උත්තරයක්...

දැන් අර දෙමළ සන්ධානෙ තිරන් උන්නැහේ කරන උතුර සංවර්ධනේ ඇතුළු සේරම වැඩ කටයුතු මට පවරන්න... ඊළඟට අරකත් ඕන... මේකත් ඕන... කිය කිය ඩගී මස් රාත්තලම ඉල්ලුවා.

එයාගෙ කතාවෙන් පස්සේ අලි පාටියෙ කස්ටිය මූණට මූණ බලාගත්තෙ මේව කොහොම කරන්නද කියනව වගේ. අන්තිමේ ප්‍රතිඵලයක් නැතුව කතාව කම්මුතු වුණා.

සාකච්ඡාවට ආපු ඩගී කළේ නොකෙරෙන වෙදකමක් බව දැනගත්ත අලි පාටි කස්ටිය දැන් ඩගී නැතුව වෙන අතක් බලන්නලු යන්නෙ.

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00