2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

සල්ලි විතරක් මදි

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 312

අලි පාටියේ පසුපෙළ කස්ටිය මේ දවස්වල එයාලට වැඩකරන්න පක්ෂයේ ලොකු තැන සල්ලි දෙන නිසා හැපි එකේලු ඉන්නේ. මේක ලොකු ජයග්‍රහණයක් කියලයි සමහර අය කියන්නේ. කෝටි 100ක් කියන්නේ පොඩි ගාණක්ද?
කොහොම හරි දැන් වැඩේ හරියාගෙන එනකොට තව කට්ටියක් අමුතු ගේමක් පටන් අරගෙන කියලා කියනවා. ඒ අනුව එයාල අධීක්ෂණ මන්ත්‍රී පට්ටම් ලබාගන්න තිරය පිටිපස්සෙ නූල් අදින්න පටන් අරන්ලු. සල්ලි විතරක් නෙමෙයිලු ඒ අයට අමාත්‍යංශයක වාඩිවෙලා ගමේ අයට පේන්නත් ඉන්න ඕනේ කියලයි මේ අය කියන්නේ. ඒ නිසා තමයි අධීක්ෂණ මන්ත්‍රී කෑල්ලක්වත් දෙන්න කියලයි කියන්නේ. මේකට කට්ටියක් කැමති නෑලු. ඒ අය කියනවලු දෙන එක ගන්නේ නැතුව වැඩිපුර ඉල්ලන්න ගිහින් තියෙන එකත් නැති වෙයි කියලා. මොකද මේ සල්ලි දුන්නේ කට්ටියගේම ඉල්ලීම උඩලු. ඒ හින්ද වැඩි දේවල් ඉල්ලන්න එපා කියලා සල්ලි ගන්න ඉන්න හුඟදෙනෙක් කියනවලු. නමුත් ආසාව වැඩි උදවිය ඉල්ලන්නෙ මස් රාත්තලමලු. ඒ නිසා අනිත් අය බයෙන්ලු ඉන්නේ සල්ලි ටිකට තට්ටු වෙයි කියලා.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00