2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

රහස් වැඩක්

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 314

මැද පෙරදිග රටකට අලුත් තානාපති උන්නැහේ කෙනෙක් පත් කරන්න යනවා... පසුගිය ආණ්ඩුව කාලෙත් අප්‍රිකාවෙ රටක තානාපතිකම් කළ මුන්නැහේ පසුගිය කාලෙ විශාල මන්දිරයක් නිසාත් හුඟක් ප්‍රසිද්ධ වුණා.
මුන්නැහේගෙ පත්වීම සඳහා රජයට යෝජනාව ඉදිරිපත් කළේ යහපාලන රජය පිහිටුවන්න හයියෙන් වැඩකරපු කිසිදා පරාජය භාරනොගන්න කට සැර ඇමැති කෙනෙක්ලු.

උන්නැහේගෙ අනුග්‍රහයෙන් මේ ඩිප්ලොමැටික් රස්සාව ලබන මහත්තයට ටාර් ගාල යන්න ලේස්ති වෙන්නත් කියලලු කියන්නෙ.
හැබැයි මුන්නැහේ ඔය රටට යන්නෙ තානාපති රස්සාවට විතරක් නෙවෙයි කියල තතුදත් අය කියනව. මෙයාට වෙන බරපතළ පෙරළිකාර දේශපාලන කටයුත්තකුත් පවරලලු... ඒක එක්තරා පක්ෂයකට සම්බන්ධ ජරමරයක් කියලයි ආරංචි.

පොලීසියට සම්බන්ධ නමක් තියන අලුත් තානාපතිතැන ළඟදිම මේ කෙරුවාවට යන්න පිටපොට ගහනවලු. ඒ අස්සෙ උන්නැහේ කරන්න යන වැඩේ අලි පාටියෙ ඉහළම තැන්වලට පත්තු කරන්න යනව කියලා එක කතාවයි...
වැඩේ හරියට පත්තු වුණොත් පොලීසියෙ ලොක්ක කොස්තාපල් වෙලා තමයි නවතින්නෙ කියල සමහරු කියනවා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00