2019 ජනවාරි 19 වන සෙනසුරාදා

අනාගත්ත හැටි

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 686

අලි පාටියෙ තරුණ ලොක්කකුයි අත පාටියෙ ලොක්කකුයි උත්සවේකදි හම්බවුණා. මේ දෙන්න හම්බුවෙලා රටේ තොටේ දේශපාලනය ගැන සුහද අල්ලාප සල්ලාපෙක යෙදෙමින් හිටියා...

නොයෙක් මාතෘකා ඔස්සෙ ඇදිල ගිය කතාව අලුත් ආණ්ඩුකාරයන්ගෙ පත්කිරීම් සම්බන්ධ මාතෘකාවට ආවා...

ඒ සමහර පත්කිරීම් ගැන දෙන්නම කතා කළේ අසතුටින්ලු.

අලුතෙන් දාපු සමහර ගවනර්ල කරපු වැඩ ගැනයි කියපු කතා ගැනයි මේ දෙන්නම හිටියෙ අසතුටින්...

අයියෝ මේක දැන් අල කරියක් වේගෙනයි යන්නෙ... අලි පාටියෙ තරැණ මන්තිරි තැන කිව්වා. ඒ කතාව අහපු අත පාටියෙ දකුණෙ ජ්‍යෙෂ්ඨයා අලිපාටි මන්තිරිට මෙහෙම කිව්වා.

ඕගොල්ලො මහ බැංකුවට ගවනර් දාල අනාගත්ත. අපේ කස්ටිය පළාත් සභාවලට ගවනර්ල දාලා අනාගන්න පටන් ගත්ත....

අත පාටියෙ තැනගෙ මේ කතාවට අලි පාටියෙ මන්තිරිටත් හිනා... ඒත් උන්නැහේ මේ ගවනර් කතාවට උත්තර දෙන්න ගියේ නැහැ.

ඊට දවස් දෙක තුනකට පස්සෙ උතුරැ සන්ධානෙ ලොක්කත් තමන්ගෙ දේශපාලන ගෝලයෙක් එක්ක මේ කතාවම කිව්වලු.