2019 ජනවාරි 19 වන සෙනසුරාදා

අරගලයේ ගෝරියක්

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 511

අත පාටිය බේරගන්න කියලා එළියට බැස්ස පාටියේ සංවිධායක කට්ටිය අතරේ ඉන්නවලු කොළඹට ආසන්න ආසනයක පරණ වියපත් කෙනෙක්. මෙයා තමයිලු ඒ වැඩේට බැහැලම දඟලන්නේ. ඒකට හේතුව අර කටසැර වීර වංශයක් තියෙන කෙනාගෙන් ආසනය බේරගන්නලු.

කොහොම වුණත් පක්ෂය බේරගන්න කියලා ආපු මෙයා මාධ්‍ය ඉස්සරහ ඇවිත් කිව්වලු රටේ ලොකු තැනට අයින් වෙන්න කියලා. මේක පිටපතේ නැති කෑල්ලක්ලු. පිටපතේ නැති කෑලි එහෙම කියන්න බෑ කියලා කට්ටිය දැන් ඇතුලේ රණ්ඩුලු. බහුතරයක් කියන්ාන් පිටපතේ නැති දෙබස් කියන එයාව මේ කතාවෙන් අයින් කරන්න කියලා. එයාව හලමු කියනවලු. ඒත් හලන්න බෑලු. හේතුව සියලු රහස් කතා තියෙන්නේ මෙයාගේ ගෙදර නිසා. ඒ නිසා කට්ටිය ඉන්නේ මර බයෙන්ලු මෙයාගේ කට හින්දා නහින්න වෙයි කියලා.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00