2019 ජනවාරි 12 වන සෙනසුරාදා

වැඩේ අලවෙලාලු!

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 413

අත බේරගන්න කියලා රටේ ලොක්කට අත වනාගෙන එළියට බැස්ස ආසන සංවිධායක උන්නැහේලගේ මණ්ඩලේ කචල්ලු. ඒකට හේතුව වෙලා තියෙන්නෙ කට්ටිය දැන් මත කිහිපයක ඉන්න නිසාලු.

කට්ටියක් කියනවලු අපි අලියට යමු කියලා. තව කට්ටියක් කියනවලු අපි සද්ද නොකර ඉමු කියලා. තව කට්ටියක් කියනවලු නෝනා එක්ක යමු කියලා. මේ නිසා වැඩේ අල වෙලාලු. දැන් සමහර අය මැඩම් හම්බවෙන්න හොරා හොරාට යනවලු.

මේ අස්සේ තවත් අය ඉඳලා ආපු තැනටම ගතු කියනවලු. තවත් කස්ටියක් පොහොට්ටුවට කොක්ක ගහන්නත් ට්‍රයි කරන බව ආරංචියි. ලැබෙන තොරතුරුවල හැටියට මේ ගෝරිකාරයො වටම ගිහින් ගෙටම ආවය කිව්ව වගේ රටේ ලොකු තැන හමුවෙලා පව් සමාකරගෙන හොඳ ළමයි වෙන්නත් පුළුවන් කියල තතු දත් අය කියනව.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00