2023 අප්‍රේල් 02 වන ඉරිදා

මොණර කොළ ඕනෑලු

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 727

මහ පොළොව සම්බන්ධයෙන් වැඩ කරන එක්තරා ආණ්ඩුවෙ කන්තෝරුවක් තිබෙනව. මේක කන්තෝරුවක් කිව්වට කාර්ය අංශයක් කියලත් හඳුන්වනවලු...

ඉතින් මේ කන්තෝරුවෙන් තමයි මහ පොළොවට සම්බන්ධ හුඟක් වැඩවලට අවසර වගේම බලපත්තර දෙන්නෙ.
ඉතින් මේ කන්තෝරුව ගැන මෑතක ඉඳල හරි හරි ආරංචි පැතිරෙන්න පටන් අරන් තියෙනව...

ඒවයෙන් කියැවෙන්නෙ මෙතැනින් මොකක් හරි වැඩක් කර ගන්න ඕනෑ නම් මොණර කොළ නැත්නම් වැඩේ කෙරෙන්නෙ නැහැ කියලයි...

ඒක මෙතනින් සේවාව ලබාගන්න යන හැමෝම වගේ දන්න දෙයක්.

මෙතන සිද්ධවෙන මොණර කොළ ජාවාරම පිටිපස්සෙ ඒ කන්තෝරුවෙ ලොකු ලොක්කො වගේම දේශපාලන ලොක්කොත් ඉන්නවලු... මේක භාරව ඉන්න දේශපාලන ලොක්කා මැති ඇමැතිකම් වගේම මහ ඇමැතිකමුත් කරපු කෙනෙක් බවයි තතු දත් අය කියන්නෙ...