2023 අප්‍රේල් 02 වන ඉරිදා

සන්ධාන රහසක්

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:00 775

පොහොට්ටුවේ ඉන්න කිහිප දෙනෙක්ට මේ වෙද්දි අලුත් සන්ධානයට අලි පාටියේ ලොකු තැන්වලින් ඇමැතුම් ඇවිල්ලලු. මේ ආපු කෝල් ගැන කනින් කොණින් පක්ෂයේ ජාතික තලයේ කෙනාට ආරංචි වෙලාලු. මේක ගැන ආරංචි වුණු ගමන්ම එයා සමහර අය ගැන හොයන්න ගත්තලු.

කොහොම වුණත් එතැනින් දෙන්නෙක් ගැන එයාට ඉව වැටිලලු තියෙන්නෙ. එක්කෙනෙක් එයා එක්ක කාලයක් ළඟ හිටිය මීගමුවේ පැත්තේ කෙනෙක්. අනෙක් කෙනා ගම්පහ පැත්තේ රණකාමී චරිතයක් කියලයි කියන්නෙ. මේ දෙන්නා තමයි වැඩේ කරන්න යන්නෙ කියලා පොහොට්ටු ප්‍රධානියට තොරතුරු ආවලු. කොහොම වුණත් මීගමු කෙනා අත්හැරියත් ගම්පහ කෙනා ඕනෙමයි කියලා එයා හිතන නිසා මේ දවස්වල ජාතික තලයේ ලොක්කා ගම්පහ රණකාමියා පස්සෙන් කට්ටිය දාලලු ඉන්නෙ. ගම්පහ කෙනත් ඒ බව දන්නවලු.