2023 මාර්තු 05 වන ඉරිදා

දුෂ්ඨයෝ සහ වීරයෝ

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 616

අත පාටියේ ලේකම්කමට මේ දවස්වල හොඳම කැපිලි කියලා රටම දන්නවා. එයත් ඒක එළිපිට කියනවා. දැන් මෙයාව කපන්නේ කවුද කියලා තාම නොකිව්වට ඇත්තටම මෙයාව කපන්න යන්නේ ගම්පහ කෙනෙකුයි අනුරාධපුරයේ කෙනෙකුයිලු. අනුරාධපුරයේ කෙනා නම් අත පාටියේ ලොකු තැනට කියලලු තියෙන්නේ එයාට ලේකම්කම ආයේ ඕන කියලා. ඉතිං මේ දවස්වල එයා කෙළ හලමින් ඉන්නේ ඒ තනතුරටලු. ගම්පහ එක්කෙනත් ලොකු තනතුරක් බලාපොරොත්තු වෙනවලු. අද වෙනකල් කරපු 'අල බෝලයක්' නැති මෙයා ජාතික සංවිධායක තමයිලු පතන්නේ.

හැබැයි මේ සටනේ දැන් ඉන්න ලේකම් තැන රැකගන්න උදව් කරන තව වීරයෙකුත් ඉන්නවලු. එයා සන්ධානයේ ලියන මහත්තයලු. එයා තමයිලු අර ගිය අය එනවා නම් ඉස්සෙල්ලා නිකන් එන්න ඕන එහෙම නැතුව තනතුරු දෙන්නේ නෑ කියලා කියන්නේ. ඒ කතාව ගැන ලොක්කටත් අනං මනං කියන්න බැරුවලු ඉන්නෙ. මොකද සන්ධාන ලියන මහත්තය තමයිලු පක්ෂයේ බර අදින්නේ. ඒ නිසා එයාගේ කීම අහන තැනට ලොක්කා වැටිලලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00