2023 පෙබරවාරි 12 වන ඉරිදා

අමුතු ව්‍යායාමයක්

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 652

ඈත පළාතක් නියෝජනය කරන ආණ්ඩුකාර සයිස් මහත්තයෙක් කොළඹ පෝර්ට් සිටිය පැත්තෙ තිබෙන ව්‍යායාම මංතීරැවක හුඟාක් දවස්වල උදේට ව්‍යායාම පිණිස ඇවිදිනවය කියල තතු දත් අය කියනව...

උන්නැහේ මෙහෙම ඇවිදින්නෙ තනියම නෙවෙයි. එයා ඇවිදින්නෙ රටේ ප්‍රබලම දේශපාලන නායකයකුත් එක්කලු... ඒ දේශපාලන නායකය රටේ ඉහළම තනතුරු දරාපු දැනටත් ලොකු බලයක් තිබෙන පක්ෂ නායකයෙක් බවත් ආරංචියි...

ඉතින් මේ ඈත පළාතක ආණ්ඩුකාරය තමන්ගෙ බල ප්‍රදේශයේ ව්‍යායාම නොකර අර දේශපාලන නායකයා ඇවිදින්න එන වෙලාවටම ඇවිදින්න පෝර්ට් සිටිය පැත්තෙ එන්නෙ... ළඟදි සිද්ධ වෙන්න යනවය කියන ආණ්ඩුකාර මාරුවකදී තමන්ගෙ පට්ටම් ආරක්ෂා කරගන්නය කියල වයඹ පළාතෙ එක්තරා හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ප්‍රචාරය කරනව...

මේ කතාවල ඇත්ත නැත්ත දන්නෙ නැතත් ආණ්ඩුකාර උන්නැහේ අර නායකයා එක්ක ඇවිදින්න එන එකනම් ඇත්තලු... ඒ ඇවිදිල්ල ඔය දේශපාලන නායකතුමාටත් දැන් ටිකක් වාතයක් බවට පත්වෙමින් තිබෙන වගයි ආරංචි.