2023 පෙබරවාරි 12 වන ඉරිදා

එක්කෙනෙක් වේදිකා දෙකක

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 697

රටේ මහ පක්ෂයක් හැටියට සැලකෙන එක්තරා පක්ෂයක මහ ලේකම් සයිස් මහත්තයෙක් පුංචි ඡන්දෙදි පක්ෂ දෙකක් දිනවන්න වැඩකරනවය කියල ආරංචියි.

උන්නැහේ තමන්ගෙ පක්ෂය වෙනුවෙන් වගේම තමන්ගෙ පක්ෂය එක්ක තරග කරන වෙනත් පක්ෂයක වේදිකාවෙත් දකින්න ලැබීම ගැන එයාගෙ පක්ෂයෙ ලොකු ලොක්කො වගේම පොඩියෙන්ල අතරත් එක එක කතා පැතිරෙන්න පටන් අරන්...
ඡන්දෙට පෙර ගහපු එක්තරා ගිවිසුමක් නිසාලු එයාට මෙහෙම වෙලා තිබෙන්නෙ. කොහොම නමුත් උන්නැහේ මේ පක්ෂයෙ කරන යම් යම් කටයුතු ගැන පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයො අප්සෙට්ලු... පසුගිය කාලෙ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයො පිරිසක් පක්ෂය දාල ගියෙත් මෙයා නිසා කියල තවත් අය කියනව...

මෙයා ඉන්නකම් පක්ෂය හැරගිය අය ආපසු මහ ගෙදර පැත්ත බලන්නෙත් නැතිලු. පවතින මේ විරෝධය නිසා ළඟදීම මෙයාට ටිකැට් එක ඇදෙන්න පුළුවන් බවයි ආරංචි.

 

 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00