2023 පෙබරවාරි 05 වන ඉරිදා

තුන් දෙනෙකුට කැපිල්ලක්!

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:00 580

කොළඹට කිට්ටුව තිබෙන කළු - මහත දිස්ත්‍රික්කෙකින් කවුන්සිලේට පත්වෙලා ඉන්න ටැලිෆෝන් පාටියෙ ජ්‍යෙෂ්ඨයො තුන් දෙනකුට පාටියෙන් කැපිල්ලක් තියෙන බවට කතාවක් යනව...

මේ තුන්දෙනාම හිටපු ජ්‍යෙෂ්ඨ කැබිනට් සයිස් තුන් දෙනෙක්ලු. එයාලගෙන් දෙන්නෙකුට කැපිල්ල ඇවිත් තිබෙන්නෙ එයාල දැන් ආණ්ඩුවට ආවඩල රජයේ තනතුරු ගන්න සැට්වෙමින් ඉන්න නිසාය කියල සමහරු කියනව...

අනිත් එක්කෙනාට ඒ චෝදනාව නැතත් නොදන්නා හේතුවක් මත උන්නැහේ මේ පාර ඡන්දෙට දාපු අපේක්ෂකයන්ගෙ නාමයෝජනා පවා පක්ෂය විසින් කපල දැම්මලු. ඉතින් දැන් උන්නැහේ ඉතාම කලකිරීමෙන් බේරැවල් බොක්ක පැත්තට වෙලා ඉන්න බවයි කියැවෙන්නෙ.

මේ විදියට කැපිල්ලට ලක්වෙච්ච තුන්දෙනාගෙන් තමන් පරාජිත නොවන බව කියන කෙනාටත් තමන් සිංහයෙක් බව කියාගන්නා කෙනෙකුටත් ටැලිෆෝන් පක්ෂයෙ ඡන්දෙ වේදිකාවත් නිල නොවන මට්ටමින් තහනම් කරලය කියල ආරංචියක් යනව...

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00