2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

කුටු කුටු සාකච්ඡා

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 709

දුරකථන පාටියේ ලොකු තැන කිව්වනේ ආණ්ඩුව ජනමත විචාරණයකට ගිහින් ආණ්ඩුව එයාට බාරදෙන්න කියලා. මේකට ඇතුළේ හැමෝටම යකා නැගලලු. මේ වෙලාවේ මිනිස්සු බේරගන්න ඕන මිසක් ජනමත විචාරණවලට යන්න නෙමෙයි කියලයි ඇතුළේ අයගේ අදහස. දැන් මේ කතාවට හැම තැනින්ම ගහන්න පටන් අරන් නිසා ටෙලිෆෝන් පක්ෂයෙ ඉහළම කීපදෙනා හරි අප්සෙට් එකේලු ඉන්නෙ. ඊට පස්සෙ එයාලා ලොක්කට මේ උපදෙස් දෙන්නේ කවුද කියලා දැනගන්න එයා එක්ක කතාවක් දාන්නත් තීන්දු කරල.

කොහොම වුණත් කීප දෙනෙක් කියන්නලු ඉන්නේ ඒ ලොක්කගේ අදහස අපේ අදහස නම් මේ වෙලාවේ ජනතාව බේරගන්න එක කියලා. ඒත් ඒක කියයිද කියලා තමයි සැක. කොහොම නමුත් දැන් ඒ පක්ෂයෙ ඉන්න දෙතුන් දෙනෙක් අලි පාටියෙ ලොක්කො එක්ක කුටු කුටු ගාමින් ටෙලිෆෝන් පක්ෂයේ වැඩ ගැන රස කතා කියන්න පටන් අරන් කියලත් ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00