2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ඒ දෙන්නට වෙච්ච දේ

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 462

අලුත් ආණ්ඩුවේ අලුත් වැය ශීර්ෂය පසුගිය මාසේ අන්‍තිම සභාවට දැම්මා. මේකට අලිපාටියේ අය නම් ඡන්දය දෙන්නයි හිටියේ. හැබැයි අලිපාටියේ ලොකු තැනගෙන් රටේ මහ තැනගේ පක්ෂයේ දෙන්නෙක්ටත් එදාට ඇවිත් ඡන්දය දෙන්න කියලා ආරාධනා කරලා. එක්කෙනෙක් බස්නාහිර පළාතේ. අනික් එක්කෙනා උතුරු මැද පළාතේ. දෙන්නම ටයිකෝට් කාරයෝ.

ඉතින් මේ දෙන්නා ජැණ්ඩියට ඇඳගෙන එදා සභාවට ගියාලු. එහෙම ගියේ එයාලගේ මහ තැනට කියන්නේ නැතිව. සභාවට ඇතුළු වෙනවත් එක්කම මේ දෙන්නට අලිපාටියේ ලොකු තැනගෙන් කෝල් එකක් ආවලු ආපහු හැරෙන්න කියලා. එන්න එපා කිව්වලු.‍

මේ දෙන්නා කිසිම කතාවක් නැතුව හැරිලා ගියාලු. යනකොටලු ආරංචි වුණේ මේ නොකියා ගිය ගමන රටේ මහ තැනට ආරංචිවෙලා කියලා. දැන් දෙන්නා ඉන්නේ මර බයෙන්ලු කොයි වෙලේ දෙහි කපයිද කියලා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00