2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

දෙන්නකුට තහනමක්

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 1049

හිටපු ලොකු තැන මාස එකහමාරක් වාඩිවෙලා හිටිය රටේ දෙවැනි මහත්තයා පුටුවෙන් බැහැල ගියාට පස්සෙ අලි පාටියෙ ලොකු මහත්තයට දෙවැනි මහත්තයා පුටුව නැවතත් හිමිවුණා....

ඔන්න ඒ පාර ගිය ඉරිදා උන්නැහේ ඒකෙ දිවුරුම දෙන්න ලැහැස්ති වුණා. එදා උදේ ආණ්ඩුවෙ මහ කන්තෝරුවෙ ඒ කටයුතු පිළිවෙලට ලකලැහැස්ති කරන්න හුඟක්ම මහන්සි වුණේ අලි පාටියෙ දෙවැනිය වුණු ආණ්ඩුවෙ පුංචි දාස උන්නැහේ. එයා රටේ ලොකු තැන එක්ක මේ දිවුරුම් දීම චාම් උත්සවයක් වගේ තියන්න කතා කළාම රටේ ලොකු තැන කිව්වෙ දිවුරැම් දෙන වෙලාවට අලි පාටියෙ පස් දෙනෙකුට වඩා ගෙන්වන්න එපාය කියලා...

අලි පාටියෙ පස් දෙනෙක් එක්ක ගිහිල්ලා රටේ දෙවැනි පුටුව භාරගන්න එක හොඳ මදි නිසා ජ්‍යෙෂ්ඨයො කස්ටියට එන්න අවසර දෙන්න කියල පුංචි දාස උන්නැහේ රටේ ලොකු මහත්තයගෙන් කාරුණිකව ඉල්ලීමක් කළාලු.

ඒකට තමන් අකැමැති වුණත් පුංචි දාස උන්නැහේගෙ ඉල්ලීම අහකදාන්න බැරි නිසා අලි පාටියෙ ජ්‍යෙෂ්ඨයො 18 දෙනෙකුට දිවුරැම් උත්සවේට එන්න ලොකු තැන අවසර දුන්න. හැබැයි ඒ එක කොන්දේසියක් පිට. ඒ කොන්දේසිය තමයි මොනම හේතුවක් නිසාවත් අලි පාටියෙ ඉන්න දෙන්නෙකුට මේ උත්සවයට එන්න බැහැ කියන එක... ඊට පස්සේ පුංචි දාස උන්නැහේ ඇහුවලු ඒ තහනම වැටෙන දෙන්න කව්ද කියල....

එයින් එක්කෙනෙක් මේ ලොකු මහත්තය පත් කරන්න මුල්ම වෙඩි මුරේ තිබ්බය කියන බස්නාහිර පළාතෙ අපරාජිත උන්නැහේ කෙනෙක්. අනෙකා ඕනම ෆීල්ඩ් එකක වැඩ පෙන්නන්න පුළුවන්ය කියන හිටපු ඇමැති සයිස් ලොක්කෙක්.

ලොකු මහත්තය මේ නම් දෙක කිව්වාම ඒකට එකඟවුණ පුංචි දාස උන්නැහේ ඒ කීව විදියට වැඩේ සෙට් කළාලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00