2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

සතුට වැඩිකමට වෙච්ච දේ

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 980

අලුත්කඩේ නඩු පිට නඩු අහපු ගිය සුමානෙ... හැම නඩුවකටම පාහේ දේශපාලුතුමාල ගණනාවක් උසාවි භූමියට ඇවිල්ලා හිටියා.

විශේෂයෙන්ම හුඟක් දේශපාලුතුමන්ලා ආවෙ හත්පුද්ගල විනිසුරු මඩුල්ල ආණ්ඩුව ගෙනියන්න ඉඩදෙනවද නැද්ද කියන නඩුවෙ තීන්දුව දෙන වෙලාවෙයි. කොළපාට නිල් පාට විතරක් නොවේ රතුපාට කට්ටියත් උසාවි භූමියට සම්ප්‍රාප්ත වෙලා හිටියා.

ඔන්න බොලේ එදා හැන්දෑවෙ නඩු තීන්දුව කියවල ඉවරවුණ ගමන් නඩුව දිනපු දේශපාලුතුමන්ලා නොයෙක් විදියට සන්තෝසය පළකරන්න පටන් ගත්තා...

උසාවි භූමියෙ සිද්ධවුණ වැදගත්ම හා රසවත්ම සිද්ධිය තමයි නඩු තීන්දුව දුන්න ගමන් රතුපාට මන්තිරි කණ්ඩායමේ ඉන්න ලොකු කතාකාරයෙක් එකපාරටම දුවගෙන දුවගෙන ඇවිල්ලා අලි පාටියෙ සභාපති තැන බදාගෙන සතුට ප්‍රකාශ කිරීම....

මේක දැකපු උසාවියෙ හිටිය නිල්පාට කස්ටිය ඈත ඉඳන් අත්පොලසන් දුන්නලු. ඒක දැකපු රත්ත පට් ගාල හෙමින්ම උසාවියෙන් පිටවෙලා යන්න ගියා කියනව.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00