2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

වැඩක්ද ගරානාවක්ද?

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 266

ආණ්ඩුවෙ රාජ්‍ය මට්ටමේ දේශපාලකතුමෙක් පසුගියදා කොළඹ කිට්ටුව නගරෙක උයනක් හැදුව...

ඒකෙ විවෘතෙට රටේ ලොකු ලොක්කො හුඟක් ඇවිත් හිටිය. හැබැයි මේ වැඩේට ගිය වියදමයි ඒක කරපු කියපු හැටියි ගැන උයන තියන ගමේ අය ඉන්නෙ ඉතාම අසතුටින්ලු.

දේසපාලුතුමා කියල තියෙන්නෙ මේකට කෝටි පහළොවක් විස්සක් විතර ගියයි කියලලු... ඒත් ගමේ උදවිය නම් කියන්නෙ ඊට වඩා හුඟක් අඩු ගණනක්...

මේ උද්‍යානෙ විවෘතෙට ආපු ලොකු ලොක්කන්ට අසුන්ගන්න වේදිකාව හදන්න උයන ළඟින් දිවෙන සුප්‍රකට අධිවේගී පාරෙ කාණු පද්ධතියක් හබල් බබල් කළා කියලයි ආරංචි... මේ නිසා ගමේ ජනතාව ළඟදිම මේ ගැන රටේ ඉහළම තැනින් ප්‍රශ්න කරන්නලු යන්නෙ. එතකොට මේ ගනුදෙනුවෙ “අලගිය” “මුලගිය” තැන් සේරම හෙළිදරව් කරනව කියලයි ජනතාව කියන්නෙ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00