මේක අත පාටියෙන් ඇහෙන කතාවක්... රයිගම් පළාතෙ ප්රබලම දේසපාලන පවුලක සැරට කතා කරන මන්තිරි සයිස් මහත්තයෙක් ඉන්නව...
සෙරප්පු සපත්තු පවා නොපළඳින සරල චාම් දිවිපෙවෙතක් ඇති මුන්නැහේගෙ පවුලෙන් මේ රටේ ලොකුම තනතුරු දැරූ “නායක” කෙනෙකුත් බිහිවුණා කීවොත් හරි...
ඉතින් උන්නැහේට පසුගියදාක කවුන්සිලේ මිටිමක් වෙලාවෙ ආණ්ඩුවෙ ඉහළම පට්ටමක් දරන ලොකුම මහත්තයෙක් හම්බවුණා...
වචනෙකින් දෙකකින් දුකසැප කතාකරලා ඊළඟට දේශපාලන කාරණා ගැනත් කතා කළා ඊළඟට මෙතැනදී අවධානෙට ලක්වෙච්ච එක්තරා බරපතළ විෂයක් ගැන මන්තිරිතුමා ලොකු මහත්තයට ලොකු පැමිණිල්ලක් කළා.
“ඇයි සර් අර ගොන් බතලයට අහවල් අමාත්යංසෙ දුන්නෙ... දැන් මිනිහා ඒක කරුමයක් බවට පත්කරල ඉවරයි මන්තිරිතුමා කිව්වා...
ඒක අහපු ලොකු තැන “හරියට හරි මටත් තේරෙනව හැබැයි මිනිහට ඕක තේරෙන්නෙ නැති එකයි ප්රශ්නෙ...” කිව්ව ඊළඟට උන්නැහේ වැඩි කතාවට නොයිද මම යන්නම් කියලා යන්න ගියා.
කටකාර මන්තිරිතුමා රජරට පළතෙ ගොවිතැන ගැන කල්පනා කරකර හොරණ පැත්තෙ උත්සවේකට යන්න පිටත් වුණා.