මේ රටේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකට වගකියන දේශපාලන ලොක්කෙක් ඉන්නව. දැන් තමන් දරන දේශපාලන ජොබ් එකට වඩා ලොකු රස්සාවක් ළඟදීම ලැබෙන බව කිය කිය ඉන්න මුන්නැහේ තමන්ගෙ අණසක යටතෙ තියන ක්‍රීඩා අංසෙත් ඕන නැතිවිදියට අණසක පතුරවන්න ගිහිල්ලා සීතල යුද්ධයක් ඇතිවෙලා කියලයි ආරංචි.
ටීම් එකට ඇඟිලිගහන වැඩේ කොච්චර බරපතළෙට ගිහිල්ලද කීවොත් මේ සෙල්ලමට “ටීම්” එක තෝරන අපේ දේසපාලන “සනා”ටත් ජොබ් එක එපා වෙලාලු.
එයා තමන්ගෙ ඉල්ලා අස්වීමෙ ලියුම දෙපාරක්ම දුන්නත් ඒක ගන්නෙ නැතිව ෂේප්කර ගත්ත... නමුත් “සනා” තමන්ගෙ ලියුම හොරන්ම එවලය කියලයි කතාව යන්නෙ.