2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

ටෙලිෆෝනයෙන් රට පටලැවීම

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 436

රටේ ඉහළම තනතුරක් දරන අපූරු නිලධාරියෙක් ඉන්නවලු. උන්නැහේ අපූරු නිලධාරියෙක් කියන්නෙ කරගෙන යන අපූරු වැඩක් නිසාලු...

මේ රටේ දේශපාලන අලකලංචියට කෙළින්ම සම්බන්ධ මහ නිලයක් දරන උන්නැහේ තමන්ගෙ කන්තෝරුවෙ ඉඳන් රටේ හැම පක්ෂයෙම නායකයන්ට කතා කරනවලු. කතා කරල කියන්නෙ සර්... මට නම් දැන් මේක ඇතිවෙලා තියෙන්නෙ. මොකද සර් කියන්නෙ... මට කියන්න මම සර් කියන දේ කරන්නම්... කියලලු.

රටේ දෙවැනියට හිටපු ලොක්කට විතරක් නෙමේ රාජපක්ෂ පවුලෙ තවත් ලොක්කෙකුට කතා කර කර උන්නැහේ විටින් විට මේ කතා කියන බව ආරංචියි. හැබැයි මුන්නැහේගෙ කතාවලයි කෙරැවාවෙයි හැටි දන්න රටේ ලොකු මහත්තයා විතරක් මෙයාගෙ ඇමතුම්වලට උත්තර දෙන්න ටෙලිෆෝනයට යන්නෙ නැතිලු... ඒ ගැන මේ නිලධාරිතුමා ටිකක් අප්සෙට් එකේලු ඉන්නෙත්...

කොහොම හරි මෙයා එක එක පක්ෂ නායකයන්ට කියපු කතා දීපු ලණු ගැන එයාගෙ ඔෆීස් එකේම කස්ටිය රටේ දෙවැනිය දැනුම්වත් කරලා... උන්නැහේ තමන් දන්න කියන පක්ෂ ලොක්කන්ට කිව්වලු අහවලා කතා කරාවි කතාකළාම ඒ කතා වැඩිය සීරියස් ගන්න එපා කියලා....

මේ සෙල්ලම කරන නිලධාරිතුමා කටට බ්‍රේක් නැති බොහෝම ප්‍රිය ජනක කතා කියන කෙනෙක්.... නමුත් මේ වැඩේ ගැන මලපැනපු අය ළඟදි මුන්නැහේගෙ ටෙලිෆෝන් කෝල් වැඩේ ගැන හෙළිදරව්වක් කරන්නත් ඉඩ තියනවලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00