2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

අවාසනාව

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 552

පසුගිය 09 වැනි සිකුරාදා සවස් කාලෙ උතුරෙ මන්තිරිතුමෙකුයි... වතුකර උප ඇමැතිතුමෙකුයි තම තමන්ගෙ ගෙවල්වලින් කොළඹ බලා පිටත් වුණේ ලොකු වැඩක් කරන්න හිතාගෙන...

මේ දෙන්නගෙන් උතුරෙ එක්කෙනා උතුර සන්ධානයෙන් පත්වෙලා පසුගියදාක ටිකක් එයාලත් එක්ක නොරොක්වෙලා හිටපු ශක්ති මත් චරිතයක්...

වතුකරේ එක්කෙනා රාධා - ක්‍රිෂ්ණා කතාව හොඳට දන්න දේශපාලුතුමෙක්ලු... 

මුන්නැහේලා දෙන්නා දෙපැත්තක ඉඳල ඉතාම ඉක්මනින් කොළඹ බලා ආවෙ ලොකු පෙරළියක් කරන්න දායක වෙන්නලු...

ඒත් අනේ අවාසනාවක මහත උන්නැහේල කොළඹ එනකොට කවුන්සිලේ විසුරවන ගැසට්ටුව මුද්‍රණාලෙට යවලත් ඉවරලු... සමහර විට උන්නැහේල දෙන්න ගහන්න හදපු කරණම ගැහුවා නම් තත්ත්වය සහමුලින්ම වෙනස් වෙන්න වුණත් තිබුණ බව තතු දත් අය කියනවා. 

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00