2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

පණිවිඩේ දුන්නෙ නැතිලු

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 502

අත පාටියෙ කස්ටිය පොහොට්ටුවට එකතුවෙන දවසේ පොහොට්ටුවෙ සමහරු එතන හිටියෙ නැහැ...

ඒ ගැන නොයෙක් නොයෙක් කතා ගියා හොරණ පැත්තෙ විදුර උන්නැහේ... ලොකුගේ උන්නැහේ වගේ තවත් සෑහෙන පිරිසක් එතන හිටියේ නැහැල්ලු...

පස්සෙ මේ ගැන පොහොට්ටු ලොක්කො හොයලා බැලුවෙ හිටපු ලොකු තැනගෙ උපදෙස් මතයි...

කාරණා කාරණා හොයාගෙන හොයාගෙන යනකොට දැනගන්න හම්බවුණේ මේ අයට එන්න කියලා පණිවුඩේ දෙන්න භාරගත්ත කෙනා තමන්ගෙ රාජකාරිය හරියට කරපු නැති බවයි...

රාජකාරිය භාරගත්ත අය වැඩේ හරියට නොකිරීම ගැන සමහරුන්ට මල පැනල ලොකුවට බර බරේත් දාලා අන්තිමේදි ඒ අයට දෙවැනි පාර එන්න කියලා කාරණා පැහැදිලි කළාට පස්සෙලු පොහොට්ටුවට සැට් වුණේ.

ඉතින් පටන් ගත්ත දවසෙම තමන්ගෙ රාජකාරිය හරියට නොකළේ ගම්පහ පැත්තෙන් ආපු රණකාමි දේශපාලන පොරක් බවයි තතු දත් අය කියන්නෙ.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00