2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

පනින්න ගිය කුමාරයා

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 658

මේ දවස්වල හැම පැත්තෙන්ම ඇහෙන්නෙ පක්ෂ මාරු කතා. වතුකරේ හරහා දියවන්නාවට ආපු කුමාර මන්තිරි කෙනෙක් දේශපාලන කරණමක් ගහන්න හිතාගෙන අලුත් ආණ්ඩුවෙ ලොක්කො හම්බවුණා...

මේ මන්තිරි තැන දැන් නියෝජනේ කරන්නෙ අලි පාටියෙ වතුකර ශාඛාවක් කීවොත් මම හරි. මෙයා අලුත් ආණ්ඩුව පැත්තට පනින්න කටයුතු ලෑස්ති කළේ උඩරට ජය-රත්නයක්ලු.

කොහොමින් කොහොම හරි මේ වතුකර කුමාරය පනින්න යන කතාව එයාගෙ පක්ෂයෙ ලොක්කන් වන මනෝ ගහගෙන ඉන්න මහත්තයටයි දිගා උන්නැහේටයි ආරංචි වුණා.

ආරංචිය ලැබුණ විතරයි මේ දෙන්න වහාම කුමාරය හොයාගෙන ගිහින් හැඬූ කඳුළින් දේශනයක් දුන්නලු. මධුවිතක් කාරිය සප්පායම්වෙලා මල්ලි උඹේ ප්‍රශ්න අපි විසඳනවා.... අද ඉඳල ගෙදරින් හෙල්ලෙන්න බැහැ කියල ලොකු රැකවරණයක් දාලා පිටත්වෙලා ගිහිල්ලා. දැන් ඒ වතුකර කුමාරයා එක්ටැම් ගේක තනියම කල්ගෙවනවලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00