2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

අලුත් රැකවලෙක්!

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 783

ආණ්ඩුව රැකගැනීමේ වැඩේට අලි පාටියේ අය බොක්කෙන්ම වැඩ. ඒ අයගේ පාක්ෂිකයන්ට එන්නත් කියලා අරලිය මන්දිරේ වහගෙන ඉන්නවලු. මේ සටනට පහුගියදා තවත් කෙනෙක් එකතු වුණාලු අනාරාධනාවෙන්. ඒ ඉස්සර කැලණියේ හිටිය ගිරුවායෙ ගැමුණුලු. ගැමුණු සැට් එකකුත් අරගෙන අලි පාටියේ ලොක්කා රකින සටනට සෙට් වෙලාලු.

හදිසියේ ඇවිත් මෙහෙම දඟලන එක හැමෝම දැනගෙනලු ඉන්නේ. මෙයා පහුගිය කාලෙම අලි පාටියට බැඳෙන්න මාර ගේමක් දුන්නලු. එයාගේ කැරැට්ටුව නිසා මෙයාව වද්දගත්තේ නෑලු. කොහොම හරි නායකතුමා රැකගන්නවා දිවිහිමියෙන් කිය කිය මෙයා දඟලන්නේ පක්ෂය ඇතුළට රිංගන්න කියල හැමෝම දන්නවලු. මේ නිසා පුංචි දාසට එහෙන් මෙහෙන් කට්ටිය කියලලු තියෙන්නේ "සර් ගොනා පොඩ්ඩ පොඩ්ඩ හැරෙන්නේ පොල් පැළේ කන්න" කියලා. ඒ නිසාම දැන් මෙයා එන ඒවා වීඩියෝ ෆොටෝ දාන්න එපා කියලලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00