2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

කෝපි කල්ලියක්!

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 449

දේශපාලනේ කලින් කලට නොයෙක් කල්ලි කණ්ඩායම් හැදෙන එක අමුතු දෙයක් නෙවේ. ඉඟුරු කල්ලි, මල්බෙරි කල්ලි වගේ නොයෙක් පිරිස් පක්ෂ ගණනාවක හිටියා...

මේ කල්ලි අතරට අලුතින්ම එකතුවෙලා තියෙන කල්ලිය තමයි ‘කෝපි කල්ලිය’

කෝපි කල්ලිය බිහිවෙලා තියෙන්නෙ ආණ්ඩු බලය අහිමිවුණු අලි පාටියෙ කියලයි එතැන ඉන්න පසුපෙළ මන්ත්‍රීල කියන්නෙ. ආණ්ඩුව වැටෙන්න ප්‍රධාන හේතුවක් හැටියටත් අලි පාටියෙ පසුපෙළ මේ කෝපි කල්ලියෙ ක්‍රියාකාරකම් ගැන චෝදනා කරනවා...

හවසට හවසට කෝපි බොන්න කියල එකතුවෙන අලි පාටියෙ ඉහළම පට්ටම් දරණ උදවිය කිහිප දෙනකුත් හිටපු ලොකු නෝනා කෙනකුත් එයා ළඟ උපදේශකයො කියාගන්නා කිහිපදෙනකුගෙනුත් මේ කෝපි කල්ලිය සමන්විතලු.

අලි පාටියෙ ආණ්ඩුවක් ආවම හැමදාම වගේ ආණ්ඩුවෙ රහ බලන්නෙ කෝපි කල්ලිය විතරලු. හැබැයි ඒකෙ ප්‍රතිඵල භුක්ති විඳින්නෙ පසුපෙළ මන්තිරි කස්ටියයි පාක්ෂික ජනතාවයි නිසා කෝපි කල්ලියෙන් පක්ෂය බේරාගැනීමේ මෙහෙයුමකට අතගහන්නයි දැන් පසුපෙළේ සූදානම.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00