2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

හතර දෙනෙක් නෙවෙයි දොළොස් දෙනෙක්ලු?

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 1547

පසුගිය සතියේ පත්තුවෙලා ගිය ඉන්දියන් රෝ ඔත්තු සේවාව පිළිබඳ කතාව ප්‍රබන්ධ කරල මාධ්‍යයට දුන්නෙ කැබිනට්ටුවෙම 4 දෙනෙක් කියල සන්ධානයේ මහලේකම් තැන ප්‍රසිද්ධියේම කිව්වා.... එයින් දෙන්නෙක් දැනටමත් අඳුනගෙනලු. ඉතුරු දෙන්නත් දැනගත්ත ගමන් නම් හෙළිකරන බවත් උන්නැහේ කිව්වා...

කොහොම හරි මේ විදියට රෝ කතාව ලොකු ලොකු ප්‍රවෘත්ති මවන කොට අපේ කලාපෙ ප්‍රබල රටක කොළඹ තියෙන තානාපති අංශයක් විසින් මේ කතාවෙ ඇත්ත නැත්ත සොයන්න තවත් මෙහෙයුමක් දියත් කළාලු...

ඒ මෙහෙයුමේදිත් සොයාබැලුවෙ මේ කතාවෙ ඇත්ත නැත්ත බවයි ආරංචි. ඒ තානාපති අංසෙ කස්ටිය මේ පුවත ගැන තොරතුරු සොයල තියෙන්නෙත් තමන් දන්න කියන දේශපාලන ලොක්කන්ගෙන්. ඉතින් හුඟ දෙනෙක්ම ඉන්නෙ ඉහළම මණ්ඩලේ තමයි.

ඉතින් එයාලගෙ සෙවුම් බැලුම්වලදී කතාබස් කළ දොළොස් දෙනෙක් දුන්නෙ එකම උත්තරේලු... ඒ දොළොස් දෙනා රෝ කතාව ගැන කියාපු දේ ඒ ගැන සෙවුම් බැලුම් කළ රටවල තානාපති අංශ අතේ දැන් තියෙන බව තතු දත් අය කියනවා.

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00