2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

මම ඉන්නතුරු ඒවා බැහැ....

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 920

වරායෙන් කෑල්ලක් අල්ලපු රටට දෙන්න යනවය කියන කතාව දැන් හැමෝම දන්න පුවතක්...

මේ පුවත ඇතුළෙ තියෙන සිදුවීම් හරියට නාට්‍යයක් වගේය කිව්වොත් වරදක් නැහැ...

කොහොමින් කොහොම හරි අල්ලපු රටට වරායෙ නැගෙනහිර කෑල්ල දෙනවද නැත්ද කියල සහසුද්දෙන්ම දැනගන්න තවත් ප්‍රබල රටක තානාපති අංසෙට ඕන වුණා.

ඒ පාර උන්නැහේලා මේ කතාව සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න මේ දවස්වල සිංහයෙක් වගේ ඉන්න විෂය බාර උන්නැහේ හම්බවුණා.

උන්නැහේ එක්ක අල්ලාප සල්ලාප කතා කරන ගමන් තානාපති අංසෙ කස්ටිය වරාය ගැන මුට්ටිය දාලා බැලුවා. අම්මෝ ඒ කතාව මතු කළා විතරයි විෂය භාර උන්නැහේට මල පැන්නා. මල පැනල උන්නැහේ කිව්වෙ මෙහෙමයි.

වරායෙ නැගෙනහිර කෑල්ල ඔය කියන උදවියට දෙනව නම් දෙන්න වෙන්නෙ මගේ මළමිනිය උඩින් තමයි. එහෙම නැතුව මම මෙතන ඉන්නකම් මොන ලොක්කෙකුටවත් ඔය වැඩේ කරන්න ඉඩතියන්නෙ නැහැ... විෂය භාර ලොක්ක එහෙම උන්නැහේගෙ තීන්දුව දුන්නෙ හොඳටම පරල වෙච්ච ගමන්මයි.