2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

මෙහෙයුම අප්සෙට්...

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 497

පොලීසියේ ලොක්කෝ සැට් එකක් තැනක කතාවෙනවලු මෙහෙම. මේ අය කාපු බීපු තැනකලු මේ කතාව පටන් ගත්තෙ.

මචං ලොක්කව බේර ගන්න වැඩක් සෙට් කරන්න කියලා මම මේ කල්පනා කළේ. ෆේස් බුක් කැම්පේන් එකක් එහෙම කරලා ලොක්කා තරම් පරම පූජිත කෙනෙක් නෑ කියලා අපි රටේ මිනිස්සුන්ට පෙන්නන්න ඕනේ. එහෙම කළොත් අපිට කිසි ගින්නක් නැතුව සතුටෙන් ඉන්න පුළුවන්. මොකද ලොක්කා කන බොන මිනිහානේ.

මෙයා මෙහෙම කියන් යනකොට එක්කෙනෙක් නැගිට්ටලු‍.

උඹ අපිට කන්න බොන්න එන්න කිව්වේ සුදු හුණු ගාන්න කියන්නද? තරහා වෙන්න එපා එහෙනම් වෙන උන් හොයා ගනින්. අපි යනවා. එයාලගේ වැඩ උඹට ලොකු වුණාට අපේ දෙපාර්තමේන්තුව අපිට වටිනවා කියලා කට්ටිය නැගිටලා එක එකා ගියාලු. අන්තිමට එක්කෙනයිලු ඉතුරු වුණේ. එයා පැන්ෂන් ගිය කෙනෙක්ලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00