2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා

තෙලෙන් බැදෙන ලොක්කෙක්!

 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 496

තෙලේ බලේ පෙන්නන ආණ්ඩුවේ ආයතනයක ලොකු පුටුවේ වාඩිවෙලා ඉන්න රණකාමී පොරක් හිටපු ගමන් මිසින් කියලා ආරංචියි. ඒකට හේතුව එයාට තමන් වැඩිවෙලා ඉන්න ලොකු පුටුවෙන් බැහැලා යන්න කියලා විෂය බාර ලොක්කා වටින් පිටින් දැනුම්දීමලු.

අයියා මල්ලි වාගේ කිය කිය හිටපු මේ දෙන්නා එකපාර විරසක වුණේ මල්ලිගේ දේශපාලන නියෝග අයියා කුණුකූඩේට දැමීමලු. මේ නිසා රටට තෙල බෙදන තැන එකම පවුලේ කට්ටිය ගෝරි දාගෙන වගෙයි පේන්නෙ.

මේ විදිහට තෙල් ලොක්කට පලා නොකියා පලා බෙදුවට උන්නැහේ ඒවා ගණන් ගන්න පාටක් නෑලු. හැබැයි ගෝරිය කොච්චර උණුසුම්ද කියනවා නම් තෙල් ආයතනයේ ලොක්කා දැන් මාස ගාණක ඉඳලා රස්සාවට ඇවිත් නෑලු. ඒත් පඩි වරප්‍රසාද වගේ දේවල් අඩුවක් නැතුව ගන්නවලු. ඉතින් මේ ගැන දන්න කියන කට්ටිය කැපිල්ලත් මැද්දේ මෙච්චර ඉන්නෙ මොකද කියලා තෙල් ලොක්කගෙන් ඇහුවම එයා කියන්නෙ “කාටවත් බෑ මාව එලවන්න. මට යන්න කියන අයට කලින් ඉපදිච්ච මිනිහෙක් මම” කියලා. දැන් මේ විෂය බාර ලොක්කා සහ ආයතන ලොක්කා අතර තියෙන ගෝරියෙන් එතන වැඩත් හොඳටම අවුල්වෙලා කියලයි ආරංචිය.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00