2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

බංගලාවට අරක් ගත්ත හිටපු ඇමැති

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 639

ආණ්ඩුවේ ඉඳලා එළියට බැස්ස කලාකාමී, ක්‍රීඩාශීලී ජවසම්පන්න මන්තිරිතුමා තවමත් ආණ්ඩුවේ ගෙයින් දොට්ට බැහැලා නෑලු. යන්න යන්න කියලා පණිවිඩ පිට පණිවිඩ යැව්වත් යන්නෙත් නෑ කියලයි ආරංචිය. මෙයාගේ මේ කකුල් දෙපැත්තේ වැඩ නිසා එයා එක්ක ආපු පහළොස් දෙනත් දැන් ඇයි හොඳැයියක් නෑලු. මොකද එයාව විශ්වාස නෑ කියලයි ආරංචිය.

කොහොම වුණත් දැන් මෙයා හුදෙකලා වෙලාලු ඉන්නේ. මෙයාට අර අාපු 15 දෙනා කියන්නේ ගන්ධබ්බ සිරි කියලලු. කො‍හොමින් කෝම හරි මේ ගෙයින් එළියට බහින්නේ නැතුව මේක අස්සේ ඉන්නේ ළඟදීම ඇමැති පට්ටමක් දෙන්න යන නිසා කියලයි ආරංචිය. ගෙයින් එළියට බැහැලා ආයි බඩු අදින්න ඕනේ නැති නිසා ඒ දෙනකන් අල්ලන් ඉන්නලු මෙයාගේ ප්ලෑන් එක.