2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

සූත්තරේ හංගල

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 494

අලි පාටියේ ඉන්න පොඩි අලි පැටවුන්ට තරහා ගිහින්ලු ඉන්නේ මේ දවස්වල. තැන් තැන්වල ගියහම මිනිස්සු අහනවලු තෙල් මිල සූත්තරේ දන්නවද කියලා. ඒත් එයාලා කිසි කෙනෙක් සූත්‍තරේ දන්නේ නෑලු. එයාලා නොදන්න මැංගී විතරක් දන්න මිල සූත්‍තරේ ඉල්ලලා පහුගිය දවස් ටිකේම මැංගිගේ කාර්යාලෙට ලියුම් ඇරියලු. තවම නෑලු උත්තරයක්.

දැන් කට්ටිය බැරිම තැන බලන් ඉන්නවලු අලි පාටියේ ලොක්කා විදෙස් ගමන ගිහින් එනකල්. ඒ මේ කේලම කියන්න. ඉල්ලුවට සූත්තරේ දන්නේ නෑ කියලා. මැංගිගේ ගෝලයෝ සූත්තරේ දාලා තෙල් සූත්තරේ හංගන එකට මේ අයට යකා ආරෑඪ වෙලාලු ඉන්නෙ. ගමට ගියාම හරි මාධ්‍ය ඉස්සරහට ගියහම හරි ඒක ගැන ඇහුවම හැමදාම රෙදි ගැලවෙන නිසා. එයාල මාර අප්සෙට් එකේලු ඉන්නෙ.