2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

කලින් ගොඩබැස්ස කතාව යට රහසක්!

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1187

අමෙරිකාවේ මාස තුනක නිවාඩුවකට රට ගිහින් හිටිය හිටපු ලොකු තැනගේ සහෝදරයා වගේම පොහොට්ටුවේ ලොක්කා හදිසියේම පහුගිය අඟහරුවදා කටුනායකින් ගොඩ බැස්සලු. එයා එන එක දන්නේ ළඟම කීප දෙනයිලු. කිසි කෙනෙක් එනකල් දන්නේ නෑලු. හැමෝටම පුදුමයිලු මේ හදිසියේ ආපු ගමන ගැන. සමහරු එහෙන් මෙහෙන් මුට්ටි දාලා බැලුවට කිසි උත්තරයකුත් නෑලු.

කෝමහරි දෙන්නෙක් තුන්දෙනෙක්ට ආරංචි වෙලා මෙයා ආපු ගමන ගැන. ආවේ ආණ්ඩුවේ ලොකුම ලොක්කෙක් එක්ක කතාවකටලු. ඒ ලොක්කා එක්ක දාගත්‍ත තීරණාත්මක කතාවකටලු මෙයා මේ තකහනියේ ආවේ. ළඟඳිම ලොකු පෙරළියක් වෙන්න යනවා කියලයි ආරංචිය. පොහොට්ටුවේ සැලැස්ම මෙයාගෙලු. ඒ නිසා දැන් මෙයා එක්ක සමහර අය කොක්ක ගහගෙනලු ඉන්නේ.