2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

තොණ්ඩු මෑන්ට වැටුණු තොණ්ඩුව

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 487

හැම ආණ්ඩුවකටම කඳුරට ඉඳන් තොණ්ඩු දාන මෑන් මේ ළඟදී එයාගේ ඥාති අල්ලපු රටේ ව්‍යාපාරික නඩයකුත් අරගෙන ගියාලු රටේ වැඩියෙන්ම මුදල් තියෙන අමාත්‍යංශයට. ඒ  ලොක්කෙක් හම්බෙන්න. මෙයා කිව්වලු මේ බිලියන ගාණක වැඩක් ඒකට අවසර දෙන්න කියලා. ආණ්ඩුව එක්කම ඉන්නවා වගේලු මෙයා කතා කළෙත්.

අර උන්නැහේ මෙයාගේ කතාව අහගෙන ඉඳලා එකපාරටම දෙහි කපන්න ගත්තලු. අපි එක්ක ඉන්නවා වගේ පෙන්නුවට ඔයා ඉන්නේ හිටපු ලොක්කා එක්ක කියලා අපි දන්නවා, ඒ නිසා බොරුවට ඔයාගේ වැඩවලට විතරක් අපිව හොයන් එන්න එපා. මගෙන් කිසිම උදව්වක් ඔයාට නෑ කියලා කන පැලෙන්න බැන්නලු. එතුමට කරකියා ගන්න දෙයක් නැතිව වටපිට බැලුවලු. ඒත් ඒ වෙනකොට එයා එක්ක ආපු කට්ටියත් වැඩේ දැකලලු තිබුණේ. අන්තිමට දාඩිය දලා යකා වැහිලලු එයා එතනින් ගියේ.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00