2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

පට්ටමක් ලැබෙනවලු

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 287

ඊළඟ ඇමැති සංශෝධනයේදි තමන්ට ලොකු ඇමැති වැඩක් ලැබෙන්න යනවය කියල ක්‍රීඩාවටත් ලැදි ජාතික ලැයිස්තු මහත්තයෙක් කියනවලු.

කොළඹ පළාතෙන් ආපු මුන්නැහේ දැනට දියවන්නා කවුන්සිලේ එක්තරා පට්ටමක් දරන්නාවූ කෙනෙක් වගත් ආරංචියි...

තමන්ට මේ අලුත් පට්ටම ලබන මාර්තු දිහාවට ලැබෙනවය කියන මුන්නැහේ ක්‍රීඩා ලෝකෙ දරන තනතුරත් තියාගෙනම කැබිනට්ටුවට යන්නලු හිතන්නෙ...

ඒත් රජගෙදර පැත්තෙන් ලැබෙන ආරංචිවලින් කියැවෙන්නෙ ඇමැති මණ්ඩලේ සයිස් එක ලොකු කරන්න නීතියෙන් ඉඩක් නැහැ කියලලු...

ඒ නිසා ඇමැති හීන බලබල ඉන්න අයගෙ සිහින මොන විදියට සැබෑවේවිද කියල තවම කිසිම අදහසක් කියන්න බැහැ කියලයි තතු දත් අයගෙ මතය...