2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

ගස් නැති රටේ තුත්තිරි ගහක් වුණු කෙනෙක්

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 461

ළඟදි අපේ රටේ ආර්ථික අංසෙ ලොකු පිපිරිල්ලක් එනවය කියන ආණ්ඩුවෙ ඉහළම ආර්ථික මර්මස්ථානයක ඉහළම නිලයක් දරන උන්නැහේ කෙනෙක් ඉන්නවලු. උන්නැහේ ලංකාවෙ ආර්ථිකේ සුක්කානම ක්‍රියාත්මක කරන්න කෙළින්ම සම්බන්ධ පොරක්ලු.

ආණ්ඩුවෙ ලොකුම තනතුරක සේවා දිගුවක් මත රැඳී සිටින මුන්නැහේ ආර්ථිකේ ගැන කරන විග්‍රහය නිසා එයාගෙ යටතෙ තියෙන විශාල ආයතන ගණනාවක නිලධාරී දුර්මුඛවෙලා ඉන්න බවත් ආරංචියි...

රටේ ලොකුම ලියන මහත්තයෙක් හැටියට ඉන්න උන්නැහේ කිසිම කාරණයක් ගැන තීන්දු නොගන්න ලියුම් කියුම්වලට ලේසියෙන් අත්සන් නොකරන පොරක් බවත් ප්‍රසිද්ධයි.

එයා ඊයෙ පෙරේද ඉඳල කියන මේ ආර්ථික අනාවැකිය ආණ්ඩුවෙ ලොකු තැන්වලටත් ආරංචිවෙලා කියල සමහරු කියනව... ඒත් ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් නිසා එයා තවමත් තනතුරේ ඉන්න බවයි තතු දත් අයගෙ මතය.

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00