2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

මිල සූත්තර ප්‍රශ්නය!

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 354

අලි පාටියේ පාර්ලිමේන්තු මන්තිරි කට්ටිය පහුගිය දවසේ පාටියේ ලොක්කගෙ නිල මැඳුරෙ හම්බවුණාලු. රටේ ප්‍රශ්න අර ප්‍රශ්න මේ ප්‍රශ්න කතා කර කර ඉන්නකොට පසුපෙළ මන්තිරි දෙන්නෙක් හොරාට මෙහෙම කතාවක් කරගෙන යනවලු.

මේ තෙල්  මිල සූත්‍රය ගැන උඹ අහපන්, කවද්ද ඕක නවත්තන්නේ කියලා.

අනෙක් මන්තිරිතුමා කියනවලු නෑ නෑ උඹ අහපන්... මට බෑ... ලොක්කට මල පනී ඕක ඇහුවොත්.

ටිකක් වෙලා ගියාලු. මෙන්න ආයිත් අර මන්තිරි දෙන්නම කියවලු මෙහෙම එක්කෝ ඕනේ නෑ බං... ඕක අහලා අපිටයි වැඩ වරදින්නේ. ඒ නිසා කට වහන් ඉමු* කියලා. හැබැයි මේ කතාව කීප දෙනෙක්ටම ඇහිලලු ඒ වෙනකොටත්....

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00